වයඹ සරසවිය

මල ගෙදර ආවේ නුඹව ගොඩ දා ගන්න
හරකෙක් වගේ වැඩ කෙරුවේ ලකුණු ගන්නට
කොහේ වත් හිටි එකෙක් නුඹව ගොඩ දැම්මට
ගෙවන්න වෙයි කුලියක් මම කල වැඩ වලට

කමිසය මගේ කලිසම වෙන කාගේය
බැනියම මගේ යට ඇඳුමත් ගමනේය
පසුදා හිඟයි ධනපති මහපොළ දාය
කෙල්ලෙක් නෑනේ මම තාමත් තනිකඩය

දහසක් බුදුන් බුදුවන මල් පිපි යාමේ
යනවද මචං පීනස් තෙල් වෙළදාමේ
අද බැරි වුනත් මු ලැබ ගමි නුඹ ‍‍‍‍පෙරේමේ
එක් දිනයකින් ගොඩ නැගුවේ නැත රෝමේ

අහෝ කොස්ස
අතුගා දමනු
ඔය කතුර
පිරිසිඳු කරව
ඔය සිත
::කොස්ස - පෙම්වතා::කතුර-පෙම්වතිය::

ලෙක්චර්ස් ආවේ මම අරගන්නට දැනුම
කෙලෙසද තබා ගන්නේ එක තැන මනස
උස් අඩි සපත්තුත් පලඳාගෙන සොඳින
මිස්ගේ රැවට බිඳවයි මගෙ හද දැහැන

පියමන් කෙරුවෙමු පොල් වතු මැද්දෙන්
පෙම් බස් දෙඩුවෙමු කැන්ටිම මුල්ලේ
පිකටින් කෙරුවෙමු ගුටි කෙල ගත්තෙමු
දෙපා වාරු නැත ඩිග්රිය ගන්නට

No comments: