රුහුණු සරසවිය

ආවේ ගෙදර සිට ඩිග්රිය අරගන්න
කෑවේ පාන් අප හට නැත බත් කන්න
කොක්කක් ගැහුවොතින් හැක මට බත් කන්න
කවුරුද කැමති මට බත් අම්මා වෙන්න

ඇඳුරු දිසාපාමොක් ආගිය අතක් නැත
සාමා අමර වැලිකඩ හිර ගෙදර ඇත
හෝඩිය බොඳව සිතුවම් පොත මැකී ඇත
දින නියමයක් නැතිව සරසවි වැසී ඇත

ධනපති පංතියෙන් පැන පැන අරගත්තු
කළා පීඨ අධිපති ඩී. අතපත්තු
තම නිල බලය ගිනි අවියක් කර ගත්තු
නොමරා මරනවා සරසවි දූ පුත්තු

මී හරකුන් ලැගිය මේ බිම සුද්ධ කොට
හෙට මිනිසුන් ලෙසින් ඉන්නට සිසුන් හට
කලයුතු මෙහෙය ඉටු කොට දිවි පුදන්නට
සතුටකි උපාධිය මට හිමි නොවුනාට

සුදු වළා කැටිව ගත්
අඳුරු අහස් කුස යට
සිහිල් මද පවන් මැදින්
දුවයි සිත ඈ වෙතට

සතුට සැනසුම
සුහඳතාවය
නොමැත සැම විට
මෙලොව අප සතු
කඳුළු අතරින් සිනාසෙන්නට
නොහැක එනමුත්
එයයි කළයුතු

ආදරය තුළ ඇතිමුත් බොහෝ අරුතක්
සැඟව ඇතිමුත් ලොවට නොදැනෙන
ජීවිතේ නව මං පෙතක හිඳ
ආදරේ හට නොකරං දෙවැනි තැන

සුවඳ විහිද මල් පුබුදින වෙලාවට
පවන් පොදින් නව සුවඳක් උනේ මට
සිනා කවට සපිරුණු පිරි සැඳැවක
දෙනෝ දහක් මදිකම දැනේ මට

ජීවිතයේ එක්වරක්
එකම එක වතාවක්
මුදු දෙතොල් විවර කොට
මිමිණුවොත් ආදරෙන්
වැළඳගෙන ආදරෙන්
ඒ මොහොත පටන් යළි
ලබන්නෙමි ජීවිතය

සෙනහස දුකක්
අපමණ බරක්
අදමෙන් හෙටත්
මේ දුක දුකක්

ඔහු හෝ ඇය
ලංවෙයි හදකට
සෙනහසින්
එහෙත් වෙන්කර දමා යනු එපා
ඔහු හෝ ඇය
කුරිරු විලසින්

තබන තබන වෙඩි ආපිට හැරීයන්
මරණ මරණ මිනියට පණ ලැබීයන්
ගහන ගහන ගැටවල් ටික ලිහීයන්
සිසුන් මරණ තොපිලට හෙණ වැදීයන්

දවසක් එක සැඳැවක
අපි දෙන්නා මෙහි තනිවී
ජීවිතය ‍තේරුම් ගැනීමට අසීරුව
බලා සිටියා උනුන් දිහා

කැන්ටිමේ පල් වෙච්ච
හොද්ද ගා පාං කා
ශිල්ප කළත් හත් අවුරැද්දක්
බඩ පනුවොත් නිදැල්ලේ
ෆුට්බෝල් කෙළිනවා

No comments: