පේරාදෙණිය සරසවිය

ඉවසන දනා රුපු යුධයට ජය කොඩිය
මෙය කිවු එකාගේ කට කෑවත් මදිය
ඉක්මන් වුනු එකා ළග බඩු හත අටය
ඉවසන් හිටපු මම තවමත් තනිකඩය

නිශ්ඵල වැඩක සිව් වසරක් නිරත වෙලා
ආපසු යනවා අපි ගම් රටවල් සොයලා
බැහැ අඳුනන්න ගම නගරය වෙනස් වෙලා
අරමුණු නොමැති ගමනක අපි නිරත වෙලා

සූරා කමින් සුළු පිරිසක් විඳිති සැපෑ
වැඩි පිරිසකට ඒ මුත් එය දුකකි අපා
ඉල්ලමි ඔබෙන් ඉල්ලීමක් වැළඳ දෙපා
වීරයො මිසක නිකමුන් බිහිකරනු එපා

නරියා හූ කියයි ඩිග්රිය උෳට නැත
එළුවට රැවුල ඇත වාසිටි ආවේ නැත
මේ දෙක අපට ඇත එනමුදු දැනුම නැත
සහතික මිසක ඩිග්රිය නම් වැඩක් නැත

නොහඩන් සරසවිය සලමින් කදුළු කැට
වැඩ නැත මොලේ ඇතිවුන්ගෙන් ඔවුන් හට
විරැකියාව අවසන් කොට දැමෙයි හෙට
රැකියාවක් ලබා අද යමි සිපිරි ගෙට

අසාධාරණයෙහි අඳුර බිඳින්නට
හිරු පායන තුරු හිටියා ඇති
බලහත්කාරෙන් හෝ හිරු පුබුදා
හෙට මුළු ලෝකය එළිය කෙරුව යුතු

ගුණයේ ගුණය අගුණය අගුණය ගුණය
ගුණයේ ගුණය දුටු මිනිසා අසරණය
මම ගුණමකුය ඒ මගෙ පූරුවේ පිනය
මට දුක නුඹට ඒ පින නැති එක ගැනය

සටන් අතරේ නෙත් සිර වෙනවා
හදවත මගේ ඔබ වෙත එනවා
මා මෙහි තනිවම ඔබ මෙහි තනිවම
දෙදෙනා දෙතනක සුසුම් හෙලනවා

ලස්සන නැති කෙල්ලක් ආවයි වාසිටියේ
ලස්සන නැති නමුත් සීදේවිය වාසිටියේ
ගියෙමි පස්සෙන් සිත ගන්නට බැරියේ
මම පමණයි කෙල්ලෙක් නැති කොල්ලා වාසිටියේ

පෙම් කරනා හැටි මා හට
කියා දුන්නේ ඔබයි සොඳුර
එසේ නමුත් ඔබ තවමත්
කියා දුන්නේ නැහැ නොවේද
ඉන් ගැලවෙන අන්දම ගැන

ලවර්ස් ලේන් එකෙ සුදු මල් පිපිදේවා
වෙනදා වගේ සවසට වැසි නොවැටේවා
මගේ කාමරය ඝණ අඳුරින් නොවැසේවා
ප්රවීනතා පරතිඵල පිට නොවේවා

සයිකෝ ගසා මම ගිය කල ඇය වෙතට
දුන්නා බුට් එක ගලවා මගෙ අතට
ගන්දෝ නොගන්දෝ කියලා සිතුනි මට
ගත්තෙ මි වීරයා සේ එය මගෙ අතට

ජීවිතය ...
ගෙවී යනුයේ
පොත් පිටු අතරේය...
කැත්තයි උදැල්ලයි උරැම වූ
අප හට...
පොතයි පෑනයි හුරැ වී ඇති
ඵලය කුමකටද

සිරිපාලගේ දේශනාව
අපට හරිම වේදනාව
කිමද ඊට කාරණාව
මාජි ගැනැයි කල්පනාව

විදුලි එළියයි පවුඩු පැහැයෙන් රැයේ සිත නෙත පෙළන්නේ
පාට බොඳවුණු අකුරැ මතු වී දුක කියා ගෙන ඉකි බිඳින්නේ
ඈත පැල තුල කුප්පි එළියෙන් අකුරැ කරගන්නා ළමුන්නේ
විසල් ලෝකෙක අතරමංව මට එන්න පාරක් කියන්නේ

සුදෝ සුදු ඔබේ කළුවන් කොන්ඩේ සුදෝ
සුදෝ සුදු ඔබේ නිල්වන් දෙනෙත් සුදෝ
සුදෝ සුදු ඔබේ පියකරු මුහුණ සුදෝ
සුදෝ සුදු ඔබේ මුළු ඇගම කළුයි සුදෝ

පානුයි පරිප්පුයි දවසක බුදු වේවා
ගෝවයි අලයි සැරියුත් මුගලන් වේවා
කැන්ටින් හොද්ද නේරංජා ගඟ වේවා
සුප්පයියා මුදලාලි කන්ථක අසු වේවා

වැදුනත් හිසට හෙන
දත්ටික ඇතොත් නිසි තැන
නොතකා හෙනය ගැන
සිනා සෙන් උඩ පැන පැන

No comments: